වළාවේ,

 


☁ ගැබ්බරව මේ අහස 

විලිරුදා විඳිනවද?...

කියන්නට නොතේරෙන දුක දරා සිටිනවද......

හඬන්නට කඳුළු බිඳු

එකින් එක හොයනවද.....?

කලු පාට තවරගෙන 

දුක් සිනා මකනවද....

වැහි බිංදු දරු පැටව්

ආදරෙන් රකිනවද....

වසාගෙන නිල් අහස 

තව ටිකක් ඉන්නවද.....

සීත පවනක් එවා මගේ හිත හදනවද?...

ඔය ඉන්න දිහාවට

මගේ හඬ ඇහෙනවද,

ඇහුණොතින් 

තව ටිකක් 

පමාවී වහිනවද?......

ළය තෙමී අහසටත් කිරි බිංදු එරෙනවද,

මං එක්ක වළාවේ 

ඔබත් ඔය හඬනවද......?

ඇති තරම් තෙමෙන්නට 

හයියෙන්ම වහිනවද...........? 


23|oct|20 

#se.ka

#Rainydays

#cloudymoods

#Sadfeelings

✒️සේ.කා.

Comments

Popular posts from this blog

If it's gone !.......

විජ්ජා උප්පතතං සෙට්ඨා !

One day !