තව ඇති වෙනකල් වහින්න....
වැස්ස.....🌧️
වැස්ස එක එක කාලවලදී හා දින වලදී මා හට විවිධ ලෙස දැනී ඇත.මෙයද වැස්ස වෙනස්ම ලෙසකින් දැනෙන සමයකි. දැන් වහින්නට පෙර මම මිදුලට යමි.
අහසින් වැටෙන පළමු නැවුම් දිය බිඳ මාගේ හිස සිඹින විට මම එය විඳිමි. අහස පුරා ඇඳි කලු වළාව දෙස මම වෙනදාට වඩා වැඩි වේලාවක් අදත් බලා සිටියෙමි.......
මල් කිණිත්ත මාගේ ජීවිතයේ ප්‍රහසනය ලෙස මා දුටුවෙමි. නැවත අහස දෙස බැලීමි.
ජීවිතයේ ප්‍රහසනයත් ජීවිතයත්, බූත බාලිකාවෙන් අඳුරු වී ගිය හැටි සිහිවුණි........මල් කිණිත්ත බිම දමා මම නැවත ගෙතුළට ආවෙමි......
ඒ අඳුරු වැස්සේ තෙමෙන්නට යළි අවැසි නැත මට......මා දැන් වැහි වළාවන්ට බිය වෙමි.
තෙමී හෙම්බත්ව දියව ගිය ප්‍රහසනය මම සොයමි......
23/10/20
#අදත්එවන්දවසක්
#se.ka.
#the unwanted days
✒️සේ.කා.

Comments
Post a Comment
Comments ?