දුවට ❤ ටීච ගෙන්

 ජීවිතේ දුර යනෙන මගෙ දුව, 

නව ලොවක අරුණලු දකීවා....

සරා දිවි ඔබ යනෙන හැම තැන, 

සුවඳ මල් විතරක් පිපේවා.....


මව් සෙනේ පිය සෙනේ කැටි කොට,

දිවි දොවා සිප් සතර දුන්නා,

දුවේ දිවි නුඹ, දිනන මං දැක, 

ළය තෙමා තුටු කඳුළු ගැලුවා....//


ජීවිතේ දුර...


තුඩින් තුඩ තුඩ නුඹේ නම හෙට ලොවේ රැව් දී මට ඇසේවා... 

රුහිරු කිරි රස දැනුණෙ නැතුවට,

නුඹත් මගෙ දුව,මමයි අම්මා...........

නුඹත් මගෙ දුව මමයි,

අම්මා...................... 


23/Sep/26

✒️Semini Danthanarayana-

Oct 1 නිමිත්තෙන් ❤ 




Comments

Popular posts from this blog

If it's gone !.......

විජ්ජා උප්පතතං සෙට්ඨා !

One day !