සඳේ මුදු ගුණ 💛🌿
සඳේ මුදු ගුණ හදේ තැවරී, දයා ගඟුලැල් ඔබෙන් ගැලුවා, නොතෙත් කතරක ඉරිතැලී ගිය, දහස් සිත් මල් පුබුදු කෙරුවා.....//
නැණ නුවන් මිණි ගුණදමින් පිරි දියණියක ඔබ ලොවට පිදුවා, මේ තරම් තෙත ළයක් ඔබහට, කොහෙන් ලැබුණිද සිතම ඇසුවා.......//
සමසිතින් අප දරා හිනැහී, මව් සෙනේ පිය සෙනේ දුන්නා.... පා පියුම් බැතියෙන් වඳින්නම්, ගුරු තරුව නුඹ සදා දිලෙනා.........//
සඳේ මුදු ගුණ.......
written on 23/sep/27
Happy teachers' Day to my dear all teachers ❤❤❤ ( 23/10/5) ❤
Melody : Janani miss ( Mrs. Janani Indira peiris ) 💛❤
Orchestra & singing : Presbyterian girls school Dehiwala . 💛
Comments
Post a Comment
Comments ?