අහේතුක හේතු !
දැනුණු තැන් බෝ අත හැරෙද්දිත්,
කඳුළු විතරක් දරා ඉද්දිත්,
ආයෙ ආයෙම සුළි සුළං රැළි හමන එකදෝ ,
ලෝකයේ හැටි......
අකුරු ඇමිණී වචන වෙද්දිත්,
වචන නෙක නෙක රූ මවද්දිත්,
වචන වාගෙම දැනෙන මිනිසුන් වෙනස් වීමද ලෝකයේ හැටි ?......
හීනි වැස්සක් ගලා එද්දිත්, අහස ගුගුරා ඇද හැළෙද්දිත්,
සිනිඳු මල් පෙති තෙමෙන බව දැන,
වහින එකම ද ලෝකයේ හැටි ?.......
රිදුණු තැන් යළි මසා ගද්දිත්,
එබැව් හොඳටම සිත අහද්දිත්,
ළය පලා ලේ ගලන බව දැක,
නිහඬ වීමද
ලෝකයේ හැටි ?......
වචන මූණිස්සම්
ඇණෙද්දිත්,
අතරමං වී එතුළ ඉද්දිත්, කිසිඳු වරදක් නොකළ සිතකට දුකක් දීමද ලෝකයේ හැටි?.....
තෙත ළයක් වියළෙමින් යද්දිත්, ඉරිතැලී මල් මිලින වෙද්දිත්, නුබ ගැබේ සැර චණ්ඩ ඉරකින්
ළය දැවීමද ,
ලෝකයේ හැටි......?
▫️පසුව ලියමි ;
මිනිස්සුන්ට දේවල් සිද්ධ වෙන්නෙ මට කවි ලියන්න......
එතකොට මට දේවල් සිද්ධ වෙන්නෙ ?
කාට කවි ලියන්න ද ?...........🫴🏻
# Children Don't say they had a bad day, can we talk......They say, "will you come with me to play....''
But Nobody UNDERSTAND That !.......
✒️se.ka.
23/9/15

Comments
Post a Comment
Comments ?