රිදුම් පිරි සියපත්

ලොව සිටින විවිධ සත්ත්ව වර්ග ගැන  අපි උගනිමු.....ඉන් උසස්ම ජීවියා ලෙස අප දන්නේ මිනිසා ගැනය..නමුත්, මෙලොව සිටින මිනිසුන් අතර,  කෙලින් කතා නොකරන මිනිසුන්, අසත්‍ය දොඩන මිනිසුන්, දිව හැරෙන හැරෙන පැත්තට බස හසුරුවන්නන්, තමාගේ වරද නිසා  අන්‍යයන් දෝෂාරෝපණයට ලක් වන විට නිහඬව මුනිවත රකින්නන්, සත්‍ය දැන දැන නිහඬව සිටින්නන්, අසාධාරණයට එරෙහිව පෙනී නොසිටින මිනිසුන්,

ඎජු ගුණයක් නැති මිනිසුන්,
කියන දේ නොකරන, සහ නොකියන දේ කරන මිනිසුන්,
කෙළින් තීරණයක් නොගන්න මිනිසුන් මෙන්ම,
වරද තමාගේ බව දැන දැන , පහත් තැනින් ජලය ගලා යන තෙක් ගුප්ත ලෙස අනෙකා මත වරද පැටවෙන තුරු සිටින මිනිසුන්,
මෙන්ම, තවකෙක් විඳින අපහසුතා ගැන සතුටු වන මිනිසුන් යන මිනිස් වර්ග සියල්ල, *අතිශය පහත්* ජීවී ලක්ෂණ සහිත අය බව අද වටහා ගත්තෙමි...
පරාජිතයා අවජාතකයකු වන්නේ, එවන් පහත් ලක්ෂණ සහිත මිනිසුන් නිසාය...
නමුත් ජයග්‍රහණයකදී, ඕනෑ තරම් පියවරු සිටින අතර, අවසන, ජයග්‍රහකයාටත් වඩා වෙහෙසී ඇත්තේ වෙනකෙක් බවදෝ සිතෙයි ....
කෙසේ නමුත්, පහත් ලක්ෂණ සහිත එම මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා අවසන පීඩා විඳින්නේ,
සියල්ලට කැපවූ,
සත්‍යවාදී, නිවැරදිකරුය...🪷

✒️2022/12/16
#රිදුම් පිරි සියපත්..


Comments

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !