මේ සල් ගස ....

 

✨හෙට ඉරක්
පායන තුරු ,
ගැහැණු ළමයි ,
පියෙද්රා ගඟබඩ හිඳ වැළපුනා වුවද,
මට හිතෙන හැටියට ,
පෙරළූ නැවුම් පස
නිල් කට්රොල් වලින් වසා ,
තුංමං හංදියේ ,
සඳ ගිර පාමුල,
රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත,
ව්‍යංගා සමඟ
බෝඩිමට යනවා ඇති.....
වස්සානෙන් පසුව,
සහස් රුස් යට,
හිරුත් හිම පියල්ලක,
ඇහි පියන් ඇහැරලා ඇති....
දෙවියන්ගෙ මිනිස්සු ,
වෘකයින් අතර නග්නව ,
මළවුන්ගේ අවුරුදු දා,
පරලොවට පණිවිඩයක් දී,
චරිත තුනක් සමඟ 
නොමියෙමි යි සිතනවා ඇති....
මේ සියල්ල වූයේ
මක්නිසාද යත්,
*මේ ස ල් ග ස ය ට*
අමර නයනා
*අ කු රු*
කියා දුන් බැවිනි.....

සේ.කා
22/11/24 ✒️




Comments

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !