THE BLACK :-(

 සිත් සතන් අළු වෙලා දැවී යන යුගයක, අරුමයක් තෙතමනය තිබීමත් පපුවක..... කවුරුවත් නැතිව තනි වෙලා ඉස්කෝලෙක හැඬුව තැන් අනන්තයි, සිත රිදුණු තැන්වල......

සෙනෙහසම හදේ පිරි ගුරු මවුන් පෙරකළ, මැවි මැවී පෙනුණී මගෙ රත්තරන් දෑසට.... ඒ වගෙම යැයි දැනුණු ගුරුතුමී දැක්කම, අහිංසක සතුටකින් පිරුණ මයෙ හදවත...


ගුරුතුමී  එක්කලා කතා බස් කරනට,    එක පුංචි වෙලාවක් ඉල්ලුවත් මේ මම, කන්දක්ම උසට වැඩ ගොඩ පිරුණු ලෝකෙක,  තත්පරෙත් මට වඩා වටිනවා ඈ හට.....


පෙර කාලෙ මගෙ හිතට මතක් වෙන හින්දම,එක වගේ ඇති කියා, හිතාලා ඔක්කොම , ලස්සනම ලස්සනට මම හදපු අත්වැඩ,ගෙනත් දුන්නේ එදා ආදරෙන් ටීචට ......... 

මල් වගේ ලස්සනයි පුංචි හිත් ඔක්කොම , ඒ නිසයි හිතන්නේ ගෙදර වගෙ ලෝකෙම, එහෙම හිතනා ළයට, කටුවකින් ඇන්නම, සුවඳ හංගාගෙනම මිලින වේ ඒ මල...


කලින් ඉස්කෝලේ මට මතක් වෙන හින්දම, හුඟක් දුක හිතෙන තැන් තියෙනවා හිතළඟ,ඒව ගැන කියලවත් සිත සනස ගන්නට, යාලුවෙක්වත් අලුත්,   ලොව නෑ නෙ මේ මට.... 


කලින් ගුරුතුමී වගෙ ඔබ දුටුව හින්දම, මම හදපු මල් බඳුණ මේසෙ උඩ තිබ්බම, හුඟක් ලොකු දුරක් දැනුණා,  පෙරදි නැති ලෙස....  පොඩි ඉඩක් වත් නොදුටු තත්පරම දැක්කම, නොකීවට දුකින් පිරුණා පුංචි හදවත.....

 

පෙර කලෙක නොවූ විරූ කටුක දේ වූ කළ,දරා ගන්නට ටිකක් අසීරුයි එකවිට,නමුත් අපි කාලයට ටිකක් ඉඩ දෙන විට,ගස් වුණත් ඉඩෝරෙට හුරුවෙනව නොකියම...... 


තටු සිඳුණු සමනල්ලු මිය ගියත් අතු උඩ,කලුපාට සමනලුන් සැරි සරයි හැමතැන,මම දෙයක් උගත්තෙමි ඔවුන්ගෙන් පෙර දින,ඒ නිසයි කලු පාට සමනළිය වුණෙ මම.... 


පාට ටික ඔක්කෝම සේදුණත් තටුවල,ඒ නිසා තනිවුණත් කවුරුවත් නැතුවම,ළය පුරා සවි දරා සිනහවක් එක්කම, දිවි පුරා පියාඹයි, කළු තටුවලින් සැම...... 


පිපී නැති පුංචි එක මලක් වැනි හදවත,  මේ ලෝකේ හැමදේම හඳුනන්නෙ කොහොමද ? වැරැද්දක් වුණා නම්,       මගෙ අතින් ඔබ හට,                  සමාවෙනවද ටීච ,එකවතාවක් මට....?


එක් දිනක් පෙර කලෙක මගෙ ගුරුතුමී මට, ලියාදුන් කවියකුත් සිහිවුණා දැන් මට,ඒ කවියෙ මේ ලෙසට ලියවිලා දුටුවම,  මං ගැනම මගෙ හිතට , දුකක් හිතෙනව අද......


*"ලෝකයම හද ළඟින් ආදරෙන් තියාගෙන,සිනහවෙන් කතාවෙන් ළබැඳි බව කියාදෙන , සැමගෙ සිත් සැමවිටම ජීවයෙන් තෙමාලන ,දෙවියන් ගෙ තෑග්ගක් වගෙයි දියණියේ නුඹ...."*


පෙර කාලෙ මතක් වෙන හැම වතාවකදිම, සවි සිතින් සියලු දුක් දරන්නට දැන් හැක...පුංචි හිත සුවඳ දෙන මලක්මයි නිතරම,ඒ නිසා විටින් විට කඳුලකුත් ආවට, පෙර සිටිය මම නොවේ දැන් ඉන්න මේ මම......

ලෝකයට පෙනෙන්නට සිනාසී සිටියද,ළයක් නැති හිසක් ඇති , කාල වර්ණය මම.....


🖤❤ ලෝකයට ස්තුති ,

මාව තවත් සවිමත් කළාට.....

✒️සේ.කා

22/06/23 

කා ල ව ර් ණි ත  

දි න ....... 


Comments

  1. හුඟක් දුක හිතුණා ....... මේක ඇත්ත කතාවක් ද ? ❤🥺🥺🥺🥺🥺🥺❤❤❤

    ReplyDelete
  2. හරිම සංවේදී කවි පෙළක්.... ඒකෙන් කියවෙන පුංචි දූ හුඟක් පව් අනේ...... එයාගෙ හදවත හුඟක් ලස්සන ඇති........ ඒක තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කොච්චර හොඳ ද........ 🥰

    ReplyDelete
  3. කලු පාට තමයි ලස්සනම .......
    ඔයාගෙ හිත පාට පාටින් පිරිල තියෙනවා ට වඩා මෙහෙම ලස්සන වෙයි තවත් විදියකට........ ලස්සනයි , ඒ වගේම දුකයි..... 🥺:-(

    ReplyDelete
  4. This touched my heart dear.....❤❤❤❤❤:-(❤... I felt it Semini ............

    ReplyDelete
  5. When you said that,
    කාල වර්ණිත දින,
    I was loved by that.... ❤❤

    ReplyDelete
  6. ඔයා දෙවියන් ගෙ තෑග්ගක් තමයි.... ඔයාව වටින අයට ඔයාව හුඟක් දැනෙන අයට, ඔයා ලොකු තෑග්ගක්... කවියක් වගේ මැණිකක්... really u r a gem dear 💎 .... so just be with them. Forget the other everything and be happy dear.......❤❤❤❤

    ReplyDelete

Post a Comment

Comments ?

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !