ඇහැළ සුවඳයි ධර්මපාලේ...
මම වැනිම
තවත් බෝ අය,
ආ ගිය මතක
කැටි කොට,
සිනාසී කඳුළු අතරින්,
එදා වාගෙම අදත්,
විසල් ඒ හැම අතුවල ,
ලස්සනම කහ පාටට,
මල් පිපෙන හැටි සුන්දරය.......
විදුබිමේ පිය මනින,
සැම දෙනගෙ
නෙත ගැටෙන,
මල් පිරුණු
ඇහැල ගහ,
මඟ හැරුණි,
මට මෙවර........
ඒත් හරි ලස්සනට,
සුවඳ කර දස අතම,
ඇහැළ මල්
පිපෙන හැටි,
මවනවා මුලු සිතම...
✒️සේ.කා....
🥀DVP...🍃
#DBV - 22/5/14....

Comments
Post a Comment
Comments ?