ඔබ සඳක් මැයි...

 


ඔබ සඳක් මැයි ගීතය ......



ඈත තරු පන්තියක,

මේ විසල් අහස් කුස,

වළාවන්ගෙන් බරව, බලා ඉන්නේ, සඳ වඩින තුරු....

රැයක නිල් අහස යට, තරු උයන දිලුනාට, 

තරුවකට පුළුවන් ද රෑ අහස දල්වන්න??.... 


තරුවකට බැරි වුණත් , රෑ අහස දල්වන්න, ඔබට පුළුවන් , මගේ සිතම පහන් කරන්නට....


නුඹේ ඇතුළු හදින් පෙරී ඇදෙන සන්තෝසයෙන්, 

බිංදු මාත්‍රයක් , මට

සිනාසෙන්න අමතක වූ මොහොතක දෙන්නට, ඔබට පුළුවන් ..... 


සිනා කාසියක් , 

ඔබට ත් ලැබුණු දිනක, එය දෝතින්ම ගෙන, හුදෙකලා තැනක නැවතී, 

එය ඔබ පැළඳ ගන්නා බව මම දන්නවා....



එවිට, මේ අපූරු නිසංසල රාත්‍රියත්, 

සුසර වී වැයෙයි.... 

යළි යළිත් ..... 

 සිනා මල් පැළැඳ, එන්න, ඔහුත් එක්කම, 

අහස් වියන යටට...... 



ආරාධනා වේ මීළඟට ගයන්නේ, 

නිරෝෂා විරාජිනී

Comments

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !