හඳ පානේ වැලි තලා...
හඳ පානේ වැලි තලා ගීතය .....
තාරකා මල් ඉහෙන,
නිසංසල රාත්‍රියේ,
ජීවිත ගඟ අද්දර,
ඔබ ,
ගිමන් හරිනවා ඇති...
කිරි සුවඳ මැද....
අවර ගිර අහසේ වූ රන්වන් පැහැය,
තෙලිතුඩෙහි තවරා,
කුමරතුඟුවෝ,
දවසේ සොඳුරතම සිත්තම, රෑ අහසෙ සිත්තම් කළේ, ඒ සුන්දරත්වය ඔබටත් විදිනට අවැසි නිසාමයි......
ඔබට කොයින්ද,
පුංචි පුතුට තරම්,
සුවබර සිහිනයක,
සඳ දියෙහි නැහැවී,
නිදන්නට වරම්....
ඒත්,
සඳු එළිය, දෝතටම පෙරා අරැගෙන ,
මිහිරි මව් කිරි ලෙසින්,
ඔබටත්, මටත්,
සඳ වත පොවාලනවා.....
ඉස්සර වගෙම , අදටත් ....
ඒ සුවඳ කැටිවුනු ,
මිහිරියාවක නැළැවෙන්නට....
ඔබටත් සිත් වනවා ඇති.....
ආරාධනා මීළඟට හැඩ කරන්නේ,
ආචාර්‍ය , පණ්ඩිත් , ඩබ්ලිව් .ඩී. අමරදේවයන්.....
Comments
Post a Comment
Comments ?