දරා දිරි වඩා...


 

දරා දිරි වඩා ගීතය....



දවසක් ,

රෑ අහසක, තරු ලකුණක් , මෙහෙම සටහන් කළා ලූ.... 


" එකම රැයෙකින්, අසිරියෙන් මෙන්, 

වහා මල් විකසිත නොවෙයි, 

ගසත් , පොළොවත්, බොහෝ දුක් විඳ,

අසිරිමත් මල් බිහි කරයි...."


රත්න ශ්‍රී විජේසිංහයන්, එහෙම ලියද්දී,

 මට මතක් වෙනවා, ඔබට වාගෙම මටත්, 

දෙවියන් දුන් ත්‍යාගයක් ගැන.... 


ලෝකයම හද ළඟින් ආදරෙන් තියාගෙන , 

සිනහවෙන් කතාවෙන් ළබැඳි බව කියාදෙන , 

ඔබේත් මගේත් සිත් , ජීවයෙන් තෙමාලන, 

ඒ ආදරයේ උල්පත තමයි අප ලද , මිහිරිතම දායාදය  ...... 


ඒ තමයි, මහපොළොවේ රිද්මය හදුනාගත්, එකම ගැහැණිය සහ මිනිසා.... 

දා බිදු, ලේ රුහිරෙන් , 

මිහිකතේ, සෞන්දර්යය ගීතවත් කළ චිත්‍රය නම් ඔවුන්..... 


ඔබේත් මගේත්, ලෝකයම ඒ වර්ණයන්ගෙන් නිර්මිතයි...... 



ආරාධනා ස්වර අතරින් ගයන්නේ , 

ටී.එම්. ජයරත්නයන්

Comments

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !