සයුරේ ගැඹුරේ...
අදත්, වෙනදා වාගෙම
විසල්ම රහස් හංගාගෙන,
තරු යාය දෙස,
ඔබත් ...
බලා සිටිනවා ඇති,
නේද ......
එසේ නොනිදන දින , නැතුවාම නොවේ, ඔබටත් , මටත් .....
ආදරය කියන්නේ, හිමි කරගැනීමම නෙවෙයි.....
හිමි නොවන බව දැන දැනම, පරිත්‍යාග කිරීම ම තමයි , ආදරය කියන්නේ....
ඉතින් ,
ඔබේ ආදරයත්, හදින් ගලා එන පිණි බිඳුවක් නම්,
බොඳ කරන්නට එපා,
කිසිම තරු එළියක්....
ඒ තරු වලටත්, සඳ දියෙහි නැහැවෙන්නට ඉඩ හරින්න....
ඔබ දන්නෙ නැති වුණත් ,
ගලා යන සඳ එළිය , තරු වලට පෙම් බඳිනවා, හැමදාමත්....
ප්‍රේමයට කොයින්ද, සම්මත, අසම්මත බවක්.....
ප්‍රේමය කියන්නේම සම්මත දෙයක්මයි....
ඒත්, පවුලක,
අසීමිත බැඳීම් තුළම , ඔබ මංමුළා කරවන සැකයක් සැඟව තිබුණොත්,
එයත් තෙරක් නොපෙනෙන ආදරය නිසාමයි.....
හැබැයි,
සැකයත් හරියට අතුරක් වගේ,
ඉන් පෙරුණු රා දිය ,
නිදි වරන
රැයක දෙතොලට
ලෝ දියක්......
කොහොම නමුත් ,
ඔබත් සිත් දරන්න,
හඳ තරුවලට පෙම් බැන්ඳත්,
සඳ දිලෙන්නේ හිරු රැසින් නිසා බව....
සඳුත්, හිරුට පෙම් බඳින්නේ, එළිය ලබා ගන්න තුරු විතරක් වුණාට,
ප්‍රේමය කියන්නේ, ඊට වඩා එහාට ගිය දෙයක්....
හිරුත් කැමතියි , සඳු තරුවලට පෙම් බඳින්නේ නැත්නම්....
හරියට, ඔබත්, ඇයත් වගේ.....
ප්‍රේම් ගේ සුවඳ සුරතින් ගෙතුණු
පදවැල් ,
ආරාධනා වේ මීළඟට ගයන්නේ,
මර්වින් පෙරේරා ......
Comments
Post a Comment
Comments ?