ගඟක් සේ ඔබ...

 ගඟක් සේ ඔබ ගීතය ....... 



ඔබේ මොළකැටි අත්ලෙහි,

මැටි පිඬ මා නම්,

රිසි ලෙස හනා යහමින්, 

මීට වඩා විසිතුරු කොට, ඔබ, මා තනන බව මම දන්නවා.... 


ඔබට නොකීවාට, ඔහුත් ඒ බව දන්නවා ඇති.... නේද ...


මක්නිසාද යත්? කියලා ඔබ මගෙන් ඇහුවොත්, 

මගේ පිළිතුරම, සේකරයන් වරෙක ලියලා තියෙනවා, මෙන්න මෙහෙම .....


"ඒ මගේ කුටියට,

ඔබ ඇවිදින්, 

මකුළු දැල් කඩා,බිම අතුගා...

සවස වැඩ ඇරී,

අවුල් හිසින් මා එන විට, 

සමන් මල් වියන් යට,

වැල්ල මත, සඳ එළිය රොදක් මෙන්ම, 

සිත ඉන් පහන් විය...."


 

ඒ තමයි ගැහැණිය...

සිත් පහන් කරන්නටත්, සිත් දවාලන්නටත්, ඈට පුළුවන් ..... 



ගැඹුරු ළය මත, 

ඕ ඔබ සනහාලන කල, කෘතඤ පූර්වක ආදරයකින්ම බලන්න ඈ දෙස, ඔබත්.... 


ඈත් බලාවි ඔබ දෙස.... එවිට....


තියෙනවා ද, ඔබට, 

ඒ සා විසල් ගැඹුරක්, 

ගිලී ඉන්නට

ඇය හැර..... 



ඇගේ සුසුමත්, ඔබට කුසුමක් .....

අන්න ඒ නිසාම වෙන්න ඇති, ඔබත් ඇයට , මේ තරම්ම ආදරේ..... 



ගයන්නේ දීපිකා ප්‍රියදර්ශනී සමඟින්, කරුණාරත්න දිවුලගනේ......




Comments

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !