බුදු තාත්තෙ බොන්න එපා..
බුදු තාත්තෙ බොන්න එපා ගීතය ...
අප ජීවත් වෙන්නේ,
අපිට අපිවම, අහිමි වූ සමාජයක....
නිය ගෙවෙන තුරු,
පහුරු ගාමින් දිවි පොළොව,
අහුලාගත් කවියකට පුළුවන් , අපිට අහිමි වූ අපව, යළිත් සොයා දෙන්නට....
නමුත්, පායා එන කවියේ, අරුත් නොදන්නා දෑතකට පුළුවන් ,
මුතු අකුරින් ලස්සනට ලියා තිබෙන කවි කොළය , ඉරා දමන්නට....
දුකම රත් කරමින්, වළඳන, ඔබේත් මගේත්
දෑඟිලි අල්ලා ගත් කැකුළු පොඩි,
ලස්සන ට ලියූ කවි, මකා දමන්නේ, ඔබම වන්නට ත් පුළුවන් .....
මේ විසල් ලොව අයිති, ඔබට පමණක් නොවේ,
ජනේලෙන් , අරුණු රැස් ගලා එන්නේ,
හෙටට පිපෙන මල් වෙනුවෙන් ....
ඒ නිසා, ඉරා දමන්නට එපා, කැකුළු කවි සිත්...
කෙදිනකවත් ....
එක් දිනක් පමණක් නොවේ,
සෑම දිනක්ම ඔවුනට අයිතියි....
පිපෙන්නට දෙන්න,
ඒ කැකුළු වලටත් ,
හෙට ලොව සුවඳවත් කරන්නට,
ඔබේ ත් මගේත්....
ආරාධනා ස්වර අතරට, හඬ මුසු කරන්නේ,
විශාරද , නන්දා මාලනියන්.....
Comments
Post a Comment
Comments ?